ආදරය . . . කෙසේ නම් අරුත් ගන්වමුද?
ආදරය තරම් නිතර කියැවෙන ඇසෙන වදනක් නොමැති තරම්ය. කවර කලා නිර්මාණයක වුව ද තේමාව වන්නේ බොහෝ විට ආදරයයි. ඇස්කිමෝවරුන්ගේ භාෂාවේ අයිස් හැඳින්වීමට යොදනසමාන පද 52 ක් ඇත.
ඒ අයිස් එතරම්ම ඔවුන්ට වැදගත් නිසාය. එසේම ආදරය හැඳින්වීමට සමාන පද රැසක් ඕනෑම බසක පවතින්නේ එය එතරම්ම ජීවිතයට සමීප නිසාය. ආදරය ගැන විවිධ පුද්ගලයන් දක්වා ඇති අදහස් කීපයක් මේ සමඟ දක්වාලමු.
- ඇසට නොපෙනෙන හදවත දකින දේ ආදරයයි. (ජැක්සන් බුවුන්)
- ඔබ නිදි නැතිව රෑ ගණන් ගත කරන විට ආදරය කරන්නට පටන් ගෙන ඇති බව ඔබට දැනේ. එයට හේතුව සැබෑව සිහිනයට වඩා මිහිරිවීමයි. (සියුස්)
- මලක් හිරු එළිය නැතිව පිබිදෙන්නේ නැතිවාක් මෙන්ම ජීවිතය ද ආදරයෙන් තොරව ගත නොවේ. (මැක්ස් මුලර්)
- මා ඉතා තදින් පෙළඹී සිටින විට මාව පාලනය කළ හැකි අයකු වේ නම් ඒ මම ඔහුටත් ඔහු මටත් දැඩි සේ ආදරය කරන නිසාය. (මැරිලීන් මොන්රෝ)
- සැමට පෙර තමන්ටම ආදරය කරන්න. (ලුසිල් බෝල්)
- සීනුව සීනුවක් වන්නේ එය නාද වන විටය. ගීතය ගීතයක් වන්නේ එය ගයන විටය. එසේම ආදරය ආදරය වන්නේ එය බෙදා දෙන විටය. (ඔස්කාර් හැමර්ස්ටින්)
- මල් මතට ද ගල් මතට ද වෙනසක් නොමැතිව වැටෙන පින්නක් වැනිය - ආදරය. (ස්වීඩන් ප්‍රවාදයක්)
- ඒකීයත්වය මෙන්ම විවිධත්වය ද ගැටුමකින් තොරව පවත්වා ගත හැක්කේ ආදරයට පමණි. (රවීන්ද්‍රනාත් තාගෝර්)
- ඉතා සුළු දෙයක් පවා සිත තුළ මහත් කම්පනයක් බවට පත් කරන ආදරය කොතරම් අපූරු ද. (ජෝන් මුල්වර්)
- ඔබ කෙරෙහි මගේ ඇති ආදරය දරා සිටීමට හදවත් දහසක් වුව ද ප්‍රමාණවත් නොවේ යයි හැඟේ. (අඥාතයි)
- සැමියා මඩ තැවරුණු දෙපයින් ඇවිද ගෙන ගොස් කිලිටි කළ ගෙබිම ගීයක් මුමුණමින් සෝදා දමන්නට බිරියට හැකි නම් සැබෑ ආදරය එතැනයි. (ඩ්ධධඵඪඥප ජ්චපථඥප පුවත්පතින්)
- ඔබ සහකරු සමඟ පටන් ගත් ගමන ආපසු හැරී එන්නට නොසිතේ නම් ඔබ සැබෑ ලෙසම ආදරය සොයා ගෙන ඇත. (රොබර්ට් බ්රෝල්ට්)
- අන් අයකුගේ ආදරය ලැබෙන විට ඔබ තුළ අපූර්ව ශක්තියක් හටගන්නා අතර ඔබ පෙරළා ආදරය කරන විට මහත් ධෛර්යයක් ඇතිවේ. (ලාඕට්සු)
- ආදරය යනු ඔබ සොයා යන දෙයක් නොව ඔබ සොයා එන දෙයකි. (ලොරෙටා යං)
- හැම හමුවීමකදීම සුන්දර සිනහවක් මුවට නඟා ගන්න. එය ආදරයේ උල්පතයි. (තෙරේසා මවුතුමිය)
- ආදරය යනු සිරුරු දෙකක් පුරා පැතිර ගිය එකම ආත්මයකි. (ඇරිස්ටෝටල්)
- මා කරන පරිද්දෙන් නුඹලා ද සියල්ලන්ටම ආදරය කරන්න. (ජේසු සමිඳාණන්)
- සතුරකු මිතුරකු බවට පත්කරන එකම බලවේගය ආදරයයි. (මාටින් ලූතර් කිං)
- ආදරය සදා පවතින්නට නම් එය යථාර්ථයට මුහුණ දිය යුතුය. (ලොරෙටා ලිවිංග්ස්ටන්)
- ආදරය එක් රැයකින් නිම නොවේ. ඇතැම් විට උදෑසන තේ පානය දක්වා ද පැවතිය හැක. (ජුප්කා වෙන්ට නෝවා)
- ඔබ ආදරය කරන කෙනකු තුළ ඇති සුන්දරත්වය සැබවින්ම දැක ගත හැකි වන්නේ ඔබ වටා ඇති සෑම දෙයකම සුන්දරත්වය වටහා ගත් පසුව පමණි. ආදරය මතු වන්නේ සැබවින්ම විවෘත වූ හදවතකිනි. (වෙරොනිකා මුගලේවා)
- ආදරය යනු ලබන්නා මෙන්ම දෙන්නා ද සුවපත් කරවන මාහැඟි ඔසුවකි. (කාර්ල් වෙනිංගර්)
- සිමෙන්ති පසාරු කරගෙන තණකොළ මතුවේ නම් ඕනෑම බාධකයක් මැඬගෙන ආදරයට දලු දැමිය නොහැකිද. (චර්)
- ආදරය යනු එක තැන රැඳෙන දෙයක් නොව, එය නැවත නැවත අලුත් කළ යුතු දෙයකි. (උර්සුලා ම් ලී ගුයින්)
- ආදරය තුරුණු වියේදී ලිංගික ආක්ෂණයක් ලෙස ද, මැදි වියේදී පුරුද්දක් ලෙස ද, මහලු වියේදී එකිනෙකා මත යැපෙන තත්ත්වයක් ලෙසින් ද පවතී. (ජෝන් සියාචි)
- ආදරය ඉවත්ව ගිය කල ලොවම සොහොන් ගැබක් වනු ඇත. (රොබර්ට් බ්‍රවුනිං)
- සහකරුගේ කොතෙකුත් අඩුපාඩු තිබුණ ද ඒවා අමතකකර ඔහුගේ / ඇයගේ එක් යහපත් ගුණයක් ගැන සිතා ආදරය කිරීම සැබෑ වූ ආදරයයි. (ඇල්ෆ්‍රඩ් ඩි මොසෙට්)
- ඔබ ආදරය සොයා යා යුතු නොවේ. සැබවින්ම ඔබ පැමිණ ඇත්තේ ආදරය තුළින්ම නිසාය. (වර්නර් අර්හාඩ්)
- සපුරා ආදරය පැතිර ගිය හදවතකම සතුට රජයයි.(තෙරේසා මවුතුමිය)
- යමකු පිළිබඳ සියල්ල දත් කල ‘ආදරය’ රඳා පැවැත්මක් නැත. මන්ද ආදරය සැමවිටම සොයන්නේ සැඟව ඇති දෑ බැවිනි. (පෝල් වැලරි)
- වැඩියෙන් පෙන්වන ආදරය පහසුවෙන් මතකයෙන් ගිලිහී යයි. එහෙත් ආදරයේ අඩුවක් වූ විට එය ජීවිතය පුරාම රිදුම් දෙමින් පවතී. (මිනෝන් මැක්ලාෆ්ලින්)
- මහලු වියේ ආදරවන්තයා ශීත සෘතුවේ පිපුණ මලක් බඳුය. (පෘතුගාල කියමනක්)
- මගේ හිස කෙස් සුදුව, සිරුර රැලි වැටී ගිය කල ද එදා තුරුණු වියේදී මෙන්ම මගේ මුව සිප ‘මං . . ආ . . ද . . රෙ . . යි . .’ කියනු මැන සොඳුරිය. (ජේමිස් ජේ. වෝකර්)
- ඔබ ආදරය කරන කිසිවකු ඔබට අතේ දුරින් තබා ගත නොහැකිය. මන්ද ඔවුන් දෙඅත් විහිදා ඔබව වැලඳ ගන්නා නිසාය. (හොලී නිකොල් මිලර්)
- ක්‍රීඩා කරන දෙදෙනාම ජය ගන්නේ ආදරය නම් ක්‍රීඩාවේදී පමණි. (ඊවා ගැබෝර්)
- සැබෑ ආදරය භූතාත්ම මෙනි. හැම දෙනාම කතා වෙතත් අත් විඳ ඇත්තේ සුළු පිරිසකි. (ප්රංශුවා ඩි ලා රොචොෆ්රතෝල්ට්)
- ආදරයත් කැස්සත් සැඟවිය නොහැකිය. (ජෝර්ජ් හර්බට් - 1651 දී)
- ආදරය ලැබීම යනු දෙවියන් තම ඇඟිළි තුඩු ඔබේ උරහිස මත තැබීමක් බඳුය. (චාර්ල්ස් මෝර්ගන්)
- සාමාන්‍ය ඔසුවලින් සුව කළ නොහැකි අසනීපයකි - ආදරය. (ඕවිඩ්)
- ආදරය - රාත්‍රිය වෙත ගී ගයමින් සිට උදෑසන පිබිද තවත් ආදරබර දිනයකට සුබපැතුම් ගෙනෙන පක්ෂියකු බඳුය. (කලීල් ගිබ්රාන්)
- ආදරය යනු වර්ගයාගේ පැවැත්ම ආරක්ෂා කිරීම් වස් සොබා දහම අප වෙත එල්ලකර ඇති වංචාකාරී ප්‍රයෝගයක්. (සොමර් සෙට් මෝව්)
- ආදරය යනු එකිනෙකා වෙත නෙත් යොමා සිටීම නොව දෙදෙනාම එකමුතු වී බාහිර ලෝකය දෙස බැලීමයි. (ඇන්මොයින් ඩී සේන්ට්)
- උමතුවක් නොවේ නම් එය සැබෑ ආදරය නොවේ. (පෙඩ්රෝ කල්දේරන් ඩිලා බර්තා)
- ආදරය සෙමෙන් සෙමෙන් ඇද හැළී ජීවිත ගංගාව පුරවාලන වරුසාවකි. (මැලගැසි කියමනක්)
- මා ඔබට ආදරය කරන්නේ ඔබ ලස්සන නිසා ද නැතිනම් ඔබ ලස්සන වන්නේ මා ඔබට ආදරය කරන නිසා ද. (රිචර්ඩ් රොජර්ස්)
- මම ඔබට පෙර දිනට වඩා වැඩියෙන් ද හෙට දිනට වඩා අඩුවෙන් ද අද ආදරය කරමි. (රොස්ටන් ජෙරාඩ්)
උපුටා ගැනීම තරුනි පුවත්පතනි
No comments:
Post a Comment