visitors

Monday, February 27, 2017

කොළඹ හරිම නපුරුයි අම්මේ. බෝඩිම් වෙන්න කලින් කියවන්න



කටට රහට කිරට මිරිසට බත් කටක් කන්න කව්ද අකමැති. ගෙදර ඉදන් රස්සාවට යන අයට නම් ඒක එච්චර ගැටළුවක් නොවෙනවා ඇති. ඒත් බෝඩිමක ඉදන් කඩෙන් කාල ජීවිත් වෙන අයට නම් ඒක පැහැදිලි ප්‍රශ්නයක්. මං මේ කියන්නේ ලොකු වැටුපක් ගන්න අය ගැන නෙමෙයි. අමාරුවෙන් රෝලක් ගහගෙන මාතර රතු කැකුළු බත් කඩෙන් වගේ බජට් පැක් එකකින් කෑම කන අය ගැන. මෙහේ අයට කෑම කියන්නේ හොදම බිස්නස් එකක්. කී දාහක් නම් කොළඹ කෑම කඩවල් වලින් තුන් වේල පිරිමහගන්නවද. සමහර අය නම් බඩගින්නට කන බත් කටනේ කියල ගන්න මුදලට සරිලන විදියට වෑන්ජන ටිකක් ගලපල කෑම බිස්නස් එක කරගෙන යනවා. ඒත් සමහරු නම් ඒකෙ තනිකරම අනිත් පැත්ත. පරිප්පු හදන්නේ දියාරුවට. මැල්ලුම් එහෙම කෑවොත් බඩට අබ සරණයි. එතකොට පොල් සම්බෝල වලට දෙන්නේ පොල් කුඩු. චිකන් හොද්දේ උකු ගතියක් කියල නාමයක් නෑ. එතකොට ඒ අය දෙන පපඩම් වලින් පුළුවන් බිත්තියක් බදින්න ගල් වැලි සිමෙන්ති දාල. ඒ තරමට හයියයි. මොනා කරන්නද බඩගින්නට රස අමතක කරලා කිඹුලා කිරි මැටි ගිලිනවා වගේ ඔහේ කනවා.

ඒ කන්නෙත් කන්නම් වාලේ. ඇඟට අල්ලන්නේ නෑ. ගෙදර ගියාම අනේ හිටියගෙන් දෙකක් නෑ කියල අම්මා හූල්ලන්නේ ඒකයි. කාලයක් එක දිගට මෙහෙ කෑම කාල කාල දිවට ලුණු මිරිස් රහ අමතක වෙනවා. මෙලෝ රහක් නැති දියාරු රහට දිව හුරු වෙනවා. ඒ වෙනස දැනෙන්නේ ගෙදරින් කෑම එකක් කාපු ගමන්. එතකොට අම්මට අපි කෑ ගහනව ඇයි මේ තරම් සැරට හැදුවේ කියල. අනේ අම්මගේ අතේ මාත්තුව එදා එකමයි. ඒත් කොළඹ කෑම කඩවල සූප වේදියෝන්ට පින්සිද්ද වෙන්න අපේ රහ මැරිලා. ඒ ගැන මතක් වෙද්දීත් අපි ගැනම දුකයි නේද? මොනා කරන්නද අපිට කරන්න පුළුවන් රස්සාවල් ගමේ තිබ්බනම් අපි මෙහෙ එන්නේ නෑනේ නේද?


උපුටා ගෙනිම අන්තරජාලයෙනි.

No comments:

Post a Comment