visitors

Monday, February 27, 2017



කටට රහට කිරට මිරිසට බත් කටක් කන්න කව්ද අකමැති. ගෙදර ඉදන් රස්සාවට යන අයට නම් ඒක එච්චර ගැටළුවක් නොවෙනවා ඇති. ඒත් බෝඩිමක ඉදන් කඩෙන් කාල ජීවිත් වෙන අයට නම් ඒක පැහැදිලි ප්‍රශ්නයක්. මං මේ කියන්නේ ලොකු වැටුපක් ගන්න අය ගැන නෙමෙයි. අමාරුවෙන් රෝලක් ගහගෙන මාතර රතු කැකුළු බත් කඩෙන් වගේ බජට් පැක් එකකින් කෑම කන අය ගැන. මෙහේ අයට කෑම කියන්නේ හොදම බිස්නස් එකක්. කී දාහක් නම් කොළඹ කෑම කඩවල් වලින් තුන් වේල පිරිමහගන්නවද. සමහර අය නම් බඩගින්නට කන බත් කටනේ කියල ගන්න මුදලට සරිලන විදියට වෑන්ජන ටිකක් ගලපල කෑම බිස්නස් එක කරගෙන යනවා. ඒත් සමහරු නම් ඒකෙ තනිකරම අනිත් පැත්ත. පරිප්පු හදන්නේ දියාරුවට. මැල්ලුම් එහෙම කෑවොත් බඩට අබ සරණයි. එතකොට පොල් සම්බෝල වලට දෙන්නේ පොල් කුඩු. චිකන් හොද්දේ උකු ගතියක් කියල නාමයක් නෑ. එතකොට ඒ අය දෙන පපඩම් වලින් පුළුවන් බිත්තියක් බදින්න ගල් වැලි සිමෙන්ති දාල. ඒ තරමට හයියයි. මොනා කරන්නද බඩගින්නට රස අමතක කරලා කිඹුලා කිරි මැටි ගිලිනවා වගේ ඔහේ කනවා.

ඒ කන්නෙත් කන්නම් වාලේ. ඇඟට අල්ලන්නේ නෑ. ගෙදර ගියාම අනේ හිටියගෙන් දෙකක් නෑ කියල අම්මා හූල්ලන්නේ ඒකයි. කාලයක් එක දිගට මෙහෙ කෑම කාල කාල දිවට ලුණු මිරිස් රහ අමතක වෙනවා. මෙලෝ රහක් නැති දියාරු රහට දිව හුරු වෙනවා. ඒ වෙනස දැනෙන්නේ ගෙදරින් කෑම එකක් කාපු ගමන්. එතකොට අම්මට අපි කෑ ගහනව ඇයි මේ තරම් සැරට හැදුවේ කියල. අනේ අම්මගේ අතේ මාත්තුව එදා එකමයි. ඒත් කොළඹ කෑම කඩවල සූප වේදියෝන්ට පින්සිද්ද වෙන්න අපේ රහ මැරිලා. ඒ ගැන මතක් වෙද්දීත් අපි ගැනම දුකයි නේද? මොනා කරන්නද අපිට කරන්න පුළුවන් රස්සාවල් ගමේ තිබ්බනම් අපි මෙහෙ එන්නේ නෑනේ නේද?


උපුටා ගෙනිම අන්තරජාලයෙනි.

Continue reading

ආදරය . . . කෙසේ නම් අරුත් ගන්වමුද?


ආදරය තරම් නිතර කියැවෙන ඇසෙන වදනක් නොමැති තරම්ය. කවර කලා නිර්මාණයක වුව ද තේමාව වන්නේ බොහෝ විට ආදරයයි. ඇස්කිමෝවරුන්ගේ භාෂාවේ අයිස් හැඳින්වීමට යොදනසමාන පද 52 ක් ඇත.

ඒ අයිස් එතරම්ම ඔවුන්ට වැදගත් නිසාය. එසේම ආදරය හැඳින්වීමට සමාන පද රැසක් ඕනෑම බසක පවතින්නේ එය එතරම්ම ජීවිතයට සමීප නිසාය. ආදරය ගැන විවිධ පුද්ගලයන් දක්වා ඇති අදහස් කීපයක් මේ සමඟ දක්වාලමු.

  • ඇසට නොපෙනෙන හදවත දකින දේ ආදරයයි. (ජැක්සන් බුවුන්)
  •  ඔබ නිදි නැතිව රෑ ගණන් ගත කරන විට ආදරය කරන්නට පටන් ගෙන ඇති බව ඔබට දැනේ. එයට හේතුව සැබෑව සිහිනයට වඩා මිහිරිවීමයි. (සියුස්)
  •  මලක් හිරු එළිය නැතිව පිබිදෙන්නේ නැතිවාක් මෙන්ම ජීවිතය ද ආදරයෙන් තොරව ගත නොවේ. (මැක්ස් මුලර්)
  •  මා ඉතා තදින් පෙළඹී සිටින විට මාව පාලනය කළ හැකි අයකු වේ නම් ඒ මම ඔහුටත් ඔහු මටත් දැඩි සේ ආදරය කරන නිසාය. (මැරිලීන් මොන්රෝ)
  •  සැමට පෙර තමන්ටම ආදරය කරන්න. (ලුසිල් බෝල්)
  •  සීනුව සීනුවක් වන්නේ එය නාද වන විටය. ගීතය ගීතයක් වන්නේ එය ගයන විටය. එසේම ආදරය ආදරය වන්නේ එය බෙදා දෙන විටය. (ඔස්කාර් හැමර්ස්ටින්)
  •  මල් මතට ද ගල් මතට ද වෙනසක් නොමැතිව වැටෙන පින්නක් වැනිය - ආදරය. (ස්වීඩන් ප්‍රවාදයක්)
  •  ඒකීයත්වය මෙන්ම විවිධත්වය ද ගැටුමකින් තොරව පවත්වා ගත හැක්කේ ආදරයට පමණි. (රවීන්ද්‍රනාත් තාගෝර්)
  •  ඉතා සුළු දෙයක් පවා සිත තුළ මහත් කම්පනයක් බවට පත් කරන ආදරය කොතරම් අපූරු ද. (ජෝන් මුල්වර්)
  •  ඔබ කෙරෙහි මගේ ඇති ආදරය දරා සිටීමට හදවත් දහසක් වුව ද ප්‍රමාණවත් නොවේ යයි හැඟේ. (අඥාතයි)
  • සැමියා මඩ තැවරුණු දෙපයින් ඇවිද ගෙන ගොස් කිලිටි කළ ගෙබිම ගීයක් මුමුණමින් සෝදා දමන්නට බිරියට හැකි නම් සැබෑ ආදරය එතැනයි. (ඩ්ධධඵඪඥප ජ්චපථඥප පුවත්පතින්)
  •  ඔබ සහකරු සමඟ පටන් ගත් ගමන ආපසු හැරී එන්නට නොසිතේ නම් ඔබ සැබෑ ලෙසම ආදරය සොයා ගෙන ඇත. (රොබර්ට් බ්‍රෝල්ට්)
  •  අන් අයකුගේ ආදරය ලැබෙන විට ඔබ තුළ අපූර්ව ශක්තියක් හටගන්නා අතර ඔබ පෙරළා ආදරය කරන විට මහත් ධෛර්යයක් ඇතිවේ. (ලාඕට්සු)
  •  ආදරය යනු ඔබ සොයා යන දෙයක් නොව ඔබ සොයා එන දෙයකි. (ලොරෙටා යං)
  •  හැම හමුවීමකදීම සුන්දර සිනහවක් මුවට නඟා ගන්න. එය ආදරයේ උල්පතයි. (තෙරේසා මවුතුමිය)
  •  ආදරය යනු සිරුරු දෙකක් පුරා පැතිර ගිය එකම ආත්මයකි. (ඇරිස්ටෝටල්)
  •  මා කරන පරිද්දෙන් නුඹලා ද සියල්ලන්ටම ආදරය කරන්න. (ජේසු සමිඳාණන්)
  •  සතුරකු මිතුරකු බවට පත්කරන එකම බලවේගය ආදරයයි. (මාටින් ලූතර් කිං)
  •  ආදරය සදා පවතින්නට නම් එය යථාර්ථයට මුහුණ දිය යුතුය. (ලොරෙටා ලිවිංග්ස්ටන්)
  •  ආදරය එක් රැයකින් නිම නොවේ. ඇතැම් විට උදෑසන තේ පානය දක්වා ද පැවතිය හැක. (ජුප්කා වෙන්ට නෝවා)
  •  ඔබ ආදරය කරන කෙනකු තුළ ඇති සුන්දරත්වය සැබවින්ම දැක ගත හැකි වන්නේ ඔබ වටා ඇති සෑම දෙයකම සුන්දරත්වය වටහා ගත් පසුව පමණි. ආදරය මතු වන්නේ සැබවින්ම විවෘත වූ හදවතකිනි. (වෙරොනිකා මුගලේවා)
  •  ආදරය යනු ලබන්නා මෙන්ම දෙන්නා ද සුවපත් කරවන මාහැඟි ඔසුවකි. (කාර්ල් වෙනිංගර්)
  •  සිමෙන්ති පසාරු කරගෙන තණකොළ මතුවේ නම් ඕනෑම බාධකයක් මැඬගෙන ආදරයට දලු දැමිය නොහැකිද. (චර්)
  •  ආදරය යනු එක තැන රැඳෙන දෙයක් නොව, එය නැවත නැවත අලුත් කළ යුතු දෙයකි. (උර්සුලා ම් ලී ගුයින්)
  •  ආදරය තුරුණු වියේදී ලිංගික ආක්ෂණයක් ලෙස ද, මැදි වියේදී පුරුද්දක් ලෙස ද, මහලු වියේදී එකිනෙකා මත යැපෙන තත්ත්වයක් ලෙසින් ද පවතී. (ජෝන් සියාචි)
  •  ආදරය ඉවත්ව ගිය කල ලොවම සොහොන් ගැබක් වනු ඇත. (රොබර්ට් බ්‍රවුනිං)
  •  සහකරුගේ කොතෙකුත් අඩුපාඩු තිබුණ ද ඒවා අමතකකර ඔහුගේ / ඇයගේ එක් යහපත් ගුණයක් ගැන සිතා ආදරය කිරීම සැබෑ වූ ආදරයයි. (ඇල්ෆ්‍රඩ් ඩි මොසෙට්)
  •  ඔබ ආදරය සොයා යා යුතු නොවේ. සැබවින්ම ඔබ පැමිණ ඇත්තේ ආදරය තුළින්ම නිසාය. (වර්නර් අර්හාඩ්)
  •  සපුරා ආදරය පැතිර ගිය හදවතකම සතුට රජයයි.(තෙරේසා මවුතුමිය)
  •  යමකු පිළිබඳ සියල්ල දත් කල ‘ආදරය’ රඳා පැවැත්මක් නැත. මන්ද ආදරය සැමවිටම සොයන්නේ සැඟව ඇති දෑ බැවිනි. (පෝල් වැලරි)
  •  වැඩියෙන් පෙන්වන ආදරය පහසුවෙන් මතකයෙන් ගිලිහී යයි. එහෙත් ආදරයේ අඩුවක් වූ විට එය ජීවිතය පුරාම රිදුම් දෙමින් පවතී. (මිනෝන් මැක්ලාෆ්ලින්)
  •  මහලු වියේ ආදරවන්තයා ශීත සෘතුවේ පිපුණ මලක් බඳුය. (පෘතුගාල කියමනක්)
  •  මගේ හිස කෙස් සුදුව, සිරුර රැලි වැටී ගිය කල ද එදා තුරුණු වියේදී මෙන්ම මගේ මුව සිප ‘මං . . ආ . . ද . . රෙ . . යි . .’ කියනු මැන සොඳුරිය. (ජේමිස් ජේ. වෝකර්)
  • ඔබ ආදරය කරන කිසිවකු ඔබට අතේ දුරින් තබා ගත නොහැකිය. මන්ද ඔවුන් දෙඅත් විහිදා ඔබව වැලඳ ගන්නා නිසාය. (හොලී නිකොල් මිලර්)
  • ක්‍රීඩා කරන දෙදෙනාම ජය ගන්නේ ආදරය නම් ක්‍රීඩාවේදී පමණි. (ඊවා ගැබෝර්)
  •  සැබෑ ආදරය භූතාත්ම මෙනි. හැම දෙනාම කතා වෙතත් අත් විඳ ඇත්තේ සුළු පිරිසකි. (ප්‍රංශුවා ඩි ලා රොචොෆ්‍රතෝල්ට්)
  •  ආදරයත් කැස්සත් සැඟවිය නොහැකිය. (ජෝර්ජ් හර්බට් - 1651 දී)
  •  ආදරය ලැබීම යනු දෙවියන් තම ඇඟිළි තුඩු ඔබේ උරහිස මත තැබීමක් බඳුය. (චාර්ල්ස් මෝර්ගන්)
  •  සාමාන්‍ය ඔසුවලින් සුව කළ නොහැකි අසනීපයකි - ආදරය. (ඕවිඩ්)
  •  ආදරය - රාත්‍රිය වෙත ගී ගයමින් සිට උදෑසන පිබිද තවත් ආදරබර දිනයකට සුබපැතුම් ගෙනෙන පක්ෂියකු බඳුය. (කලීල් ගිබ්රාන්)
  •  ආදරය යනු වර්ගයාගේ පැවැත්ම ආරක්ෂා කිරීම් වස් සොබා දහම අප වෙත එල්ලකර ඇති වංචාකාරී ප්‍රයෝගයක්. (සොමර් සෙට් මෝව්)
  •  ආදරය යනු එකිනෙකා වෙත නෙත් යොමා සිටීම නොව දෙදෙනාම එකමුතු වී බාහිර ලෝකය දෙස බැලීමයි. (ඇන්මොයින් ඩී සේන්ට්)
  •  උමතුවක් නොවේ නම් එය සැබෑ ආදරය නොවේ. (පෙඩ්රෝ කල්දේරන් ඩිලා බර්තා)
  •  ආදරය සෙමෙන් සෙමෙන් ඇද හැළී ජීවිත ගංගාව පුරවාලන වරුසාවකි. (මැලගැසි කියමනක්)
  •  මා ඔබට ආදරය කරන්නේ ඔබ ලස්සන නිසා ද නැතිනම් ඔබ ලස්සන වන්නේ මා ඔබට ආදරය කරන නිසා ද. (රිචර්ඩ් රොජර්ස්)
  •  මම ඔබට පෙර දිනට වඩා වැඩියෙන් ද හෙට දිනට වඩා අඩුවෙන් ද අද ආදරය කරමි. (රොස්ටන් ජෙරාඩ්)
 උපුටා ගැනීම තරුනි පුවත්පතනි
Continue reading

අදටත් ඌව රකින කිවුලේගෙදර දෙවියෝ


කන්දකැටිය කිරිවෙහෙර චෛත්‍යය
   

විකුම් සිහල පරපුර සිහිතිබෙන තුරූ
උතුම් රාජ ලේ ටික මගෙ සිඳෙන තුරූ
නෙතින් කඳුළු නොහලමි දිවි තිබෙන තුරූ
ඉතින් ආයුබෝවන් ලක් මවුනි ගරූ

සිංහල රාජධානියේ අවසන් රජතුමා වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා අපේ දේශය දෙස බලාගෙන එසේ පැවසුවේ 1815 පෙබරවාරි 8 වැනිදා. කොලොම් තොට සිට දකුණු ඉන්දියාව බලා යාත්‍රා ගමන ආරම්භ කළ බි්‍රතාන්‍ය නෞකාවක සිටය. රජතුමා සුද්දන්ගේ අත්අඩංගුවට පත්වූයේ බල කාමයෙන් මත්වූ අපේ සිංහලයන් නිසාය. අපේ රට මහා බි්‍රතාන්‍යයේ යටත්විජිතයක් විය. එහෙත් දේශප්‍රේමීහු සුදු පාලනයට විරුද්ධව සන්ධාන ගතවූහ. 

සුද්දන් කැරලි ලෙස හඳුන්වන විමුක්ති අරගල ආරම්භ වූයේ ඉන් පසුය. පළමු නිදහස් අරගලය ලෙස ඉතිහාස ගතවන්නේ 1817 - 1818 නිදහස් සටනයි. දේශප්‍රේමීන් දහස් ගණනක් රට වෙනුවෙන් දිවිපිදූ මේ නිදහස් සටනට නායකත්වය දුන්, වීර මොනරවිල කැප්පෙටිපොළ ප්‍රමුඛ විරුවන් 19 දෙනෙකු කැරැලි ගැසීමේ චෝදනාවට වරදකරුවන් කළ ඉංග්‍රීසි ආණ්ඩුව ඔවුන් රාජ ද්‍රෝහීන් ලෙස නම් කළහ. ඇතැමුන් මරා දැමූහ. ඇතැමුන් සිරගත කළහ. ඇතැමුන් රටින් පිටුවහල් කළහ. 

1948 පෙබරවාරි මස 4 වනදා අපට ලැබුණු බව කියන නිදහස සැමරීමට මුළු රට පෙළ ගැසෙද්දි එම නිදහසට පාර කැපූ විරුවන් අතර කෙනකු වූ කිවුලේ ගෙදර මොහොට්ටල සොයා ගිය අපට කිවුලේගෙදර දෙව රූපයද හමුවිය. ඒ කතාවද සැබැවින්ම ආස්වාද ජනකය. බදුල්ල - මහියංගණය මාර්ගයේ කන්දකැටිය 21 හන්දියෙන් හැරී කිවුලේගෙදර ගම්මානය සොයා යද්දි නෙත ගැටුන දුලබ හැඩයක චෛත්‍යය නෙතට රසඳුනක් විය. 

එම ඓතිහාසික විහාරස්ථානය හඳුන්වන්නේ කිරිවෙහෙර නමිනි. දෙවන පෑතිස් රජදවස ඉදිකළ බව ඉතිහාස කථාවල සඳහන් වෙයි. කිවුලේගෙදර මොහොට්ටාල විරුවා මෙන්ම වියලුවේ විසූ දස මහ යෝධයන් වූ වේලුසුමන හා සුරනිමල මෙම විහාරස්ථානය ඇසුරේ හිඳිමින් එය දියුණු කළ බව ඉතිහාසයේ සඳහන් වන්නේ යැයි කිවුලේ ගෙදර පදිංචි විශ්‍රාම ලත් විදුහල්පතිනි අයිරින් චන්ද්‍රා රාජපක්ෂ මහත්මිය පැවසුවාය. එම විහාරස්ථානයට ගිය අපට දැක ගන්නට ලැබුණේ කිරි වෙහෙර චෛත්‍ය ඉදිරියේම පිහිටි කිවුලේගෙදර ගම්බාර දේවාලයයි. එම දෙවොලේ කිවුලේගෙදර ගම්බාර ගෙදර දෙවියන්ගේ රූපයකි. ඒ ආසන්නයේම කිවුලේගෙදර මොහොට්ටාල විරුවාගේ රූපයකි. මේ දෙදෙනාම දේවත්වයෙන් සලකා වැඳුම් පිදුම් කරන බව අසන්නට ලැබුණි.
කෙසේ නමුත් කිවුලේගෙදර මොහොට්ටාල විරුවාම දේවත්වයෙන් සලකා කිවුලේගෙදර ගම්බාර දෙවියන් යැයි වැඳුම් පිදුම් කරන බවත්, ඒ දෙදෙනා දෙදෙනෙකු නොව එක් දෙවියෙකු බවත් සමහරු කියති. එහෙත් තවත් සමහරු කියන්නේ ඒ දෙදෙනා දෙදෙනෙකු බවය. ජනප්‍රවාද ඔස්සේ ඒ තතු සොයා යාමට අපි අමතක නොකළෙමු. 


මොහොට්ටාල යනු දිසාවේට පමණක් දෙවැනි වූ තානාන්තරයකි. එම නිලය කෝරාලට වඩා ඉහළය.

කිවුලේගෙදර මොහොට්ටාල යනු කවුරුද?
කිවුලේගෙදර මොහොට්ටාලගේ නම පුංචි බණ්ඩා බවත්, ඔහු නිලය නිසා කිවුලේගෙදර මොහොට්ටාල වූ බව කියන නමුදු එය සනාථ කිරීමට හෝ නමට වෙනත් නමක් සොයාගැනීමට අපහසු විය. එය ලේඛනවලද සඳහන්ව නොමැති බව බොහෝ දෙනා කියති. ඔහු ඉපදී ඇත්තේ කිවුලේගෙදර ගමේ ප්‍රභූ පවුලකය. කෙසේ නමුත් තම ග්‍රාමය කේන්ද්‍ර කොටගෙන දේශප්‍රේමී තරුණයන් සන්නද්ධ අරගලයට නැඹුරුකර ගැනීමට ඔහුට හැකි විය.

1818 උඩරට මහකැරැල්ල මෙහෙය වූ නායකයන් අතර කිවුලේගෙදර මොහොට්ටාල සුවිශේෂී ස්ථානයක් හිමිකර ගෙන ඇත. ඔහු එම කැරැල්ලේ ආරම්භකයන් කීපදෙනාගෙන් කෙනෙකු වූවා පමණක් නොව, එහි අවසානය දක්වාම සටන් කළ කීප දෙනාගෙන් අයෙක් ද වූහ. දේශප්‍රේමී සටන්කරුවන් අතර, වලපනේ දිසාවේ තනතුර හෙබවූ හෙතෙම එම ප්‍රදේශයේ වැසියන් ඉංග්‍රීසි පාලනයට විරුද්ධව මෙහෙයවීමේලා මූලිකත්වය ගත් බව සඳහන් වෙයි. 
දන්ත ධාතූන් වහන්සේ සතුරන් අතට පත්නොවී ආරක්ෂා කිරීම සඳහා වරක් කිවුලේගෙදර මොහොට්ටාල දන්ත ධාතූන් වහන්සේ මෙම ග්‍රාමයේ සඟවා ආරක්ෂා කළ බවද ජනප්‍රවාදයකි. ඒ කන්දකැටිය කිරිවෙහෙරේ යැයි මතයකි. ගම්මානයේ ගල් ගුහාවක් තුළ දන්ත ධාතූන් වහන්සේ සඟවා ආරක්ෂා කළ බවටද ජනප්‍රවාදයකි. 

අපි දැන් ඉතිහාසයට එබිකම් කරමු. 
1815 ගිවිසුමේ සිංහල බෞද්ධයන්ට වාසිදායක වන කිසිදු කොන්දේසියක් ක්‍රියාත්මක කිරීමට ඉංග්‍රීසි පාලකයෝ උත්සාහ නොගත්හ. සුදු පාලකයෝ අධිරාජ්‍යවාදී අණපනත් අඩුවක් නැතුව ක්‍රියාවට නඟන්නට වූහ. 

ඔවුහු සිතාමතාම සිංහලයන්ටත්, බොදු දහමටත් එරෙහිව කටයුතු කරන්නට වූ අතර, අන්‍ය ආගමිකයන්ට බෞද්ධයන් සතුව තිබූ නිලතල, තනතුරු පවරා දෙන්නට වූහ. නිලතල වරප්‍රසාද පතා සමහර රදල සිංහලයෝ සුදුපාලකයන්ගේ අතකොළු වූහ. එහෙත් ජාතික මාමක භික්ෂූන් වහන්සේ පිරිස හා ජනතාව මේ තත්ත්වයට එරෙහිව නැඟී සිටියහ. ඔවුන් සන්ධානගතවෙද්දි. සම්ප්‍රදායක් වශයෙන් සිංහලයන්ට උරුම වූ මුහන්දිරම් පදවිය ඉංග්‍රීසි පාලකයෝ හජ්ජි මරික්කාර් නම් මුස්ලිම් ජාතිකයකුට ලබාදී වෙල්ලස්සේ පාලනය සඳහා යැවූහ. මේ කාරණය සුදු පාලකයන් කෙරේ ඌව වෙල්ලස්ස තුළවූ වෛරය තවත් අවුළන්නක් විය. 

මේ හේතූන් නිසා 1817 ඔක්තෝබර් මාසයේදී ඌව වෙල්ලස්ස කැරැල්ල ආරම්භ විය. මඩුගල්ලේ, පිළිමතලාවේ ආදින්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ කැරැල්ල ඉතා ඉක්මනින්ම ප්‍රදේශය පුරා පැතිර ගියේය. කිවුලේගෙදර මොහොට්ටාල, 
බූටෑවේ රටේරාල, කොහුකුඹුරේ රටේරාල, මීගහපිටියේ රටේරාළ, ඇතුළු විරුවෝ රැසක් නොපැකිළිව, නොබියව එහි පෙරමුණ ගන්නට ඉදිරියට ආහ. මේ අතරින් කිවුලේගෙදර මොහොට්ටාල ද කැපී පෙනුණු වීර චරිතයක් විය. 


සොහොන විනාශ කර ඇති අයුරු

රජෙක් නොමැතිව සිටි සිංහලයන්ට සත්කෝරළයට අයත් පහළ දොළොස්පත්තුවේ විල්බාවේ මුදියන්සේ නොහොත් දොරේසාමි නමැත්තා රජෙක් මෙන් පෙනුණේය. තමන් රාජසිංහ පරම්පරාවෙන් පැවත එන බවත්, උඩරට රාජ්‍යයට උරුමකම් ඇති බවත් ඔහු කියා සිටියේය. වෙන කළ හැක්කක් නොවූ තැන, ජනතාව මහත් සතුටින් ඔහු තම රජතුමා ලෙස පිළිගත්හ. නැතිවූ නිදහස යළි අත්කර ගැනීම සහ සිංහලයේ කැරැල්ලට අර අඳින බවද රහස් ඔත්තු සේවා ඔස්සේ දැනගත් බදුල්ල උප දිසාපති මේජර් සිල්වෙස්ටර් ඩග්ලස් විල්සන් මහතා, විල්බාවේ අත්අඩංගුවට ගැනීමටත්, කැරැල්ල මැඩ පැවැත්වීමටත්, හජ්ජි මුහන්දිරම් යැව්වේය.

රණශූරයකුවූ හජ්ජි මුහන්දිරම්ට සේනාවක් ද ලැබිණ. වෙල්ලස්සට ගිය මේ රණ ශූරයාගේ එඩි බිඳ ඔහු අත්අඩංගුවට ගැනීමට කැරලිකාරයෝ සමත් වූහ. 
හජ්ජි මුහන්දිරම් නැමති රණශූරයා ජීව ග්‍රහයෙන්ම අල්ලා කැරැලි නායක දොරේසාමි වෙත රැගෙන ගොස් අධිකරණ විනිශ්චයෙන් පසු මරණ දඬුවම දුන්නේය. මේ බව විල්සන් මහතාට දැනගන්නට ලැබුණේ සැප්තැම්බර් මස 12 වැනිදාය. ඉන් ලජ්ජාවට පත්වූ විල්සන් මහතා කැරැල්ල මැඬ පැවැත්වීම සඳහා තමාම යායුතු යැයි තීරණය කළේය. 

කාපිරි භටයන් විසි දෙනෙකු, සැරයන් වරු දෙදෙනෙකු, කෝප්‍රල්වරු දෙදෙනෙකුත් ලැස්කර් භටයෝ පිරිසකුත් තෝල්කයකු හා යුද නිලධාරියෙකුත් සහ බළඇණියක් සමඟ විල්සන් මහතා වෙල්ලස්සට යාම සඳහා ගමන ආරම්භ කළේය. එහිදී කැරැලිකරුවන් සමග සාකච්ඡාවක් පැවැත්වීමට දැරූ උත්සාහය ව්‍යර්ථ විය. 

එහෙයින් ආපසු වෙනත් මඟකින් එන විට සිංහලයෙකු විසින් විදින ලද හී පහරකට ගොදුරුව බිබිල උණගොල්ල විහාරස්ථානයට නුදුරු ස්ථානයකදි මරණයට පත් විය. විල්සන්ගේ මෘත දේහය පවා දමා විල්සන්ගේ බළඇණියේ අය පලායන්නට වූහ. සමහරු මැරුම්කෑහ. මේ මෙහෙයුමේද රණශූර කිවුලේගෙදර මොහොට්ටාල ප්‍රබල චරිතයක් විය. තත්ත්වය එන්න එන්නම දරුණු අතට හැරෙන බව දැනගත් සුදුපාලකයෝ හමුදා බළඇණි කීපයක් කැරැල්ල මැඩ පැවැත්වීම සඳහා මහනුවරින් පිටත් කිරීමට පියවර ගත්හ. 

ඒ සමගම ආණ්ඩුකාරවරයාගෙන් රට වැසියන්ට නිවේදනයක් නිකුත් කෙරිණ. එහි සඳහන් වූයේ දොරේසාමි නැමති කැරලි නායකයාට සහ ඔහුගේ පිරිසට උපකාර කරන අයට මරණ දඬුවම නියම කරන බවටය. 

දොරේසාමි අල්ලා දෙන කෙනෙකුට කුරුම් දෙදහසක තෑග්ගක් දෙන බවටද ඔහුගේ නෑදෑ කෙනෙකු හෝ නිලධාරියෙකු හෝ අල්ලාදෙන කෙනෙකුට කුරුම් පන්සීයක තෑග්ගක් දෙන බවටද ආණ්ඩුකාරවරයා නිවේදනය කළේය. 

එහෙත් කිසිවෙක් ඒ දේශද්‍රෝහි ක්‍රියාවට සම්මාදම් නොවූහ. 

කැරලි නායක දොරේසාමි ඊට ප්‍රතිචාර දක්වමින් රට වැසියන්ගෙන් ඉල්ලා සිටියේ, සෑම සුදු මිනිසකුම දුටු තැන මරා දමන ලෙසටය. මේ අතර කැරලිකරුවන් අත්අඩංගුවට ගෙන කැරැල්ල මැඬ පැවැත්වීමට මේජර් මැක්ඩොවල්ඞ්ගේ උපදෙස් මත බළංගොඩ හරහා එක් බළඇණියක්ද, තල්දුව ඔස්සේ තවත් භට  පිරිසක්ද වෙල්ලස්සට යැවීමට සුදුපාලකයෝ පියවර ගත්හ. 

මහ වැස්ස සමග පැතිරුණු ජල ගැල්ම ඔවුන්ගේ ගමනට විශාල බාධාවක් විය. 

භට හමුදාවන් කිවුලේගෙදරට ළඟාවෙත්ම මහා ඊතල වරුසාවක් ඇතිවිය. 

වැද්දන්ගේද සහයෙන් එල්ල වූ මෙම ඊතල ප්‍රහාරවලින් ඉංග්‍රීසින්ට බඩු බාහිරාදිය ගෙනෙන්නන්ද, පණිවිඩකරුවන්ද ඇතුළු බොහෝ දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 

ඉක්බිති මේජර් මැක්ඩොවල්ඞ් කෝපාවිශ්ටව තම හමුදා මෙහෙය වූයේ සාමාන්‍ය ජනයාගෙන් ද පලිගැනීමටය. 

ඒ අනුව ප්‍රදේශයේ ගෙවල් දොරවල් ගිනිබත් කළහ. ධාන්‍ය පැහැරගත්හ. වගාබිම් විනාශ කළහ. මිනිසුන් පමණක් නොව ගවයන් ද ඇතුළු සතුන්ද මරා දැමූහ. 

අසරණ ගම්වැසියන් කඳු මුදුන්වලට දිවගොස් පණ බේරාගෙන මේ විනාශය දැක සෝසුසුම් හෙළුෑහ. 

කිවුලේගෙදරගේ කණ්ඩායම සුද්දන් සතුව තිබූ උසන්වැල්ල, අයගම, වියලුව, කොටබෝව, අහුපොළ ආදි කඳවුරු එකින් එක ඔවුනට අහිමි කළ බවත් ඔවුනට ඉතිරි වූ ප්‍රධාන කඳවුර වූයේ පරණගම බවත් කියති. 

එසේකොට මේ වීරයා දෙදෙහසක පමණ ඉතිරි වී සිටි සේනාවද ගෙන කඳවුරු වටලා මාරාන්තික ප්‍රාහරයක් එල්ල කිරීමට බලා සිටියේය. එහෙත් මේ වන විට බූටාවේ රටේරාල තදබල ලෙස රෝගීව සිටියේය. කැප්පෙටිපොළ රක්ත අතීසාරයට ගොදුරුව සිටියේය.

ඇද හැලුණු මහ වැසි වලට අමතරව වෙල්ලස්ස පුරා පැතිර ගිය වසංගත රෝගයට කිවුලේගෙදරගේ හමුදාවේ බොහෝ දෙනෙක් ගොදුරු වූහ. මේ අතර ඉන්දියාවෙන් උපකාර සේනා පැමිණිම නිසා නව පණක් ලද ඉංග්‍රීසිහු නැවතත් ඌව වෙල්ලස්සට මහත් විපත් පමුණුවන්නට වූහ.

තමා සමග පෙරමුණ ගෙන කටයුතු කළ බොහෝ නායකයින් වසංගතයට හසුවීමෙන් ද, බොහෝ පිරිස් සුද්දන්ගේ කෲර වධබන්ධනවලට ලක්ව මියයාමෙන්ද අසරණව සිටි කිවුලේගෙදරට කළ හැකි දෙයක් නොවීය. ඔහුගේ සෙවණැල්ල මෙන් සිටි බූටාවේ රටේරාල ද අල්ලා ගනු ලැබීය.

කිවුලේගෙදර මොහොට්ටාල අල්ලා දුන් කෙනෙකුට පගෝදි 500ක් දෙන බවට සුදු ආණ්ඩුව අඬබෙර යැවුහ.

දේශ හිතෛශි කිසිවෙක් ඒ සඳහා ඉදිරිපත් නොවුවත් වෙස්වළාගෙන ජනතාව අතරම සිටි මොහු පරණගම මරක්කලයින් දෙදෙනෙකුගේ ඔත්තුවක් මත අලුත් නුවර බිම්තැන්න ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය.

විවෘත නඩු විභාගයකින් පසු 1818 දෙසැම්බර් මස 18 වැනිදා කිවුලේ ගෙදර මොහොට්ටාල විරුවාට මරණ දඩුවුම පැමිණවීමට සුදුපාලකයෝ කටයුතු කළහ. 

අද මේ ප්‍රදේශයේ ජීවත්වන්නේ කිවුලේගෙදර පරපුරේ පස්වන පරම්පාරාවේ උදවිය බැවින් නෑදෑ නිවෙස් ගණනාවකට ගියත්  කිවුලේ ගෙදර මොහොට්ටාල ගැන වැඩි යමක් දැන ගත නොහැකි විය.

කෙසේ නමුත් එක නිවසක තිබි කිවුලේ ගෙදර මොහොට්ටාල භාවිතා කළ බව කියන අමුතු ආරයක ඉපැරණි පහනක් දැකගත හැකිවිය.

කෙසේ නමුත් වියලුව හා බිම්තැන්නේ මිනිස්සු කළගුණ සැලකීමට අමතක නොළහ. ඔවුහු පුංචි අලුත් බණ්ඩාර දෙවියෝ නමින් කිවුලේගෙදර මොහොට්ටාල විරුවා දේවත්වයේ ලා සැලකුබව එක කතාවකි.

තවත් කතාවක් අනුව කිවුලේගෙදර මොහොට්ටාලගේ පුතෙකි නැතිනම් පවුලේ ඥාතියෙක් බවය.

අනූ හැවිරිදි දිසානායක මුදියන්සේලාගේ කරුණාතිලක සීයා කිවුලේ ගෙදර පතහගල පදිංචිකරුවෙකි.

ඔහු ජනප්‍රවාදයේ එන කතාවක් කීවේය.

කිවුලේගෙදර අප්පුහාමි බණ්ඩාර තමයි ඔය දෙවියන් වුණේ.

පවුලේ වැඩිමලා වුණු අප්පුහාමි කම්මැලි වුණා මල්ලි හරිම කඩිසරයිලු. මල්ලි කුඹුරු කොටලා මහන්සිවෙලා මුදල් හොයනවලු.

මෙයා එළි වෙනකල් නිදියනවලු. දවසක් අම්මා බැණලා තියෙනවා “බලපං හීන්කොල්ලා හම්බ කරනවා උඹ නිකං ඉඳන් ගිලිනවා” කියලා පතහගලට ගිහින් කන්න පොලොස් ගෙඩියක්වත් කඩන් එන්න බැරිදැයි අම්මා ඇහුවම මෙයා අහගෙන ඉඳලා ඊට පහුවදා උදෙන්ම නැගිටලා ගෙදරින් ගිහින් තියෙනවා.

හවස 2ට විතර ගෙය පිටුපස්සෙන් දඩාස් ගාලා ශබ්දයක් ඇහිලා. අම්මා ගිහින් බලනකොට ගෙඩිත් එක්ක කොස්ගහ උදුරාගෙන ඇවිත්.

මේ සිද්ධියෙන් පස්සේ ගමේ අය දැන ගත්තා අප්පුහාමි පුදුමාකාර වැඩකරන වීරයෙක් කියලා.

තව දවසක් ගමවෙල යන කුඹුරු යාය මැදින් යනකොට අලියෙක් කුඹුර විනාශ කරනවලු. අප්පුහාමි පැනලා උගේ වලිගයෙන් අල්ලාගෙන වෙල ඔයෙන් එහා පැත්තට විසිකළාලු.

අලියා වැටිලා මැරුන තැන අලියාගේ මස් දියවෙලා ඇට සැකිල්ල මතුවූණාලු. එදා ඉදන් අදටත් එම ස්ථානයට කියන්නේ අලිඇටගොඩ කියලා. 

වෙල ඔයෙන් එගොඩවෙලා පහරගම්මනට යන්න මෙයා තරුණ කාලේ සිරිතක් පුරුද්දක් කරගෙන තියෙනවා. පහරගම්මන කියන්නේ සිංහල රජවරුන්ගෙන් ඉඩකඩම් ලබපු පාරම්පරික මුස්ලිම් ගම්මානයක්. එහේ ප්‍රභූන් අතර ඉඳලා තියෙනවා ෆාතිමා කියලා ලස්සන කෙල්ලෙක්.

අප්පුහාමි එයාගේ තාත්තා හම්බවෙලා මේ තරුණිය සමඟ විවාහ වෙන්න අහලා තියෙනවා. මෙයාට බෑ කියන්න බැරි නිසා ෆාතිමාගේ තාත්තා වැඬේ නොකෙරෙන විධියට හිතලා ඉල්ලීමක් කරලා තියෙනවා.

මම ඒ ගැන සලකලා බලන්නම් හැබැයි එක පොරොන්දුවක් පිට.

ෆාතිමාගේ තාත්තා එහෙම කිව්වම මොකක්ද කරන්න ඕන කියලා.

අප්පුහාමි නොඉසිලිමත් වෙලා තියෙනවා.

හොඳයි මේකයි වැඬේ පුළුවන් නම් හෙට එළිවෙන්න ඉස්සෙල්ලා අපේ තිස්අමුණේ ගොයම් කපලා ඕන කියලා කිව්වලු.

හරි මට දෑකැති තිහක් ගෙනැත් දෙන්න කිව්වලු. ඒ අනුව දෑකැති තිහක් ගෙනැත් දුන්නලු. අප්පුහාමි එක අමුණට එක දෑකැත්ත බැගින් පාවිච්චි කරලා එළිවෙනකොට තිස් අමුණේම ගොයම් කපලා ඉවර කළාලු.

කර කියාගත දෙයක් නොහැකි වූ තරුණියගේ පියා කිරිවීදුරුවක් එක්ක දුව අප්පුහාමි ළගට යැව්වලු.

වෙලේම තියාගෙන අප්පුහාමිට ෆාතිමා පිළිගැන්වූ කිරි වීදුරුව බීලා ඇගේ ඔඩොක්කුවට හිස තියා ගත්තලු.

එහෙම සිටියේදිම අප්පුහාමි කලුරිය කළාලු.

එම ස්ථානයේ ම වළක් කපලා මිනිය වළ දාලා ඒ වළට ගොයම් කැපු දෑකැති තිහයි තවත් වස්තුවයි දාලා මිහිදන් කළාලු. 
කොහොම නමුත් මේ සිද්ධියෙන් පස්සේ ඒ ගමේ මුස්ලිම් ජනයාට මහා නරක දසාවක් උදා උනාලු.

අප්පුහාමි කිඹුලෙක් වෙලා ඉපදිලා වැවේ නාන්න යන තරුණියන් ගිලින්නත් පටන් ගත්තලු. මේ නිසා මුස්ලිම් ජනයා හොඳටම බය වෙලා ඒ සොහොනට පුදපූජා පවත්වන්නට පටන් ගත්තලු.

සිංහල ජනයාත් මේ විස්මිත දේවල් ගැන අහලා ගිහින් එම සොහොනට වැඳුම්පිදුම් කරලා කන්නලව් කරන්න පටන් ගත්තලු. මේ පිදුම් මැද අප්පුහාමි කිඹුල් ආත්මයෙන් මිදිලා දේවත්වයට පත් වුණාලු. කිවුලේ ගෙදර අප්පුහාමි බණ්ඩාර ලෙසින් දෙවත්වයට පත්ව වුණාලු.

බලන්න මහත්තයා කිරිවෙහෙරට ගිහින් ඒ දේවාලය තියෙනවා යැයිද කරුණාතිලක සීයා කිවේ දැඩි විශ්වාසයකිනි.

ඒ කතාව නම් විශ්මිතය අපි වහාම පහරගම්මන සොයා ගමන් ආරම්භ කළෙමු. 

ලොග්ගල්ඔය පසුකර වමට හැරි පහරගම්මනට යන පාර හොඳටම අබලන්ය. කාපට් ඇතුරු බව කියන ඒ පාරේ අලි නෑවිය හැකි වළවල් නැති තැනක් සොයාගත නොහැකි තරම්ය.

ත්‍රීවිලරය පිහිට පතා අපි එම වළවල් තරණය කර පහරගම්මන ගම්මානයට ගියෙමු. මුස්ලිම් පල්ලිය ආශ්‍රිතව පිහිටි මේ මුස්ලිම් ජනාවාසය දෙපස අතරින් පතර සිංහල අයද සිටින බව දැනගන්න ලැබුණි.

ඊ.එම්. හසන් (66) මහතාට අපි පැමිණි කාරණය දැනුම් දුන්විට ඔහු අප ආදරයෙන් පිළිගත්තේය.

අපි කරුණාතිලක සීයා කී කතාව ගැන විමසුවෙමු.

ඔහු ඒ ඉතිහාසය අනුමත කළේය. 

අපි පුංචි කාලේ මේ කතාව අහලා තියෙනවා. අපි පොඩි කාලේ සොහොනට වැඳුම් පිදුම් කළා. ඒක ඇත්ත අප්පුහාමි දෙවියෝ වැස්ස නැති කාලෙට වැස්ස දුන්නා. දුකට පිහිට වුණා. ඒ කාලේ අපිත් සොහොන ළගට ගිහිල්ලා කුරානය කියලා දුක කියනවා.

එතකොට පිහිට වෙනවා.

විශේෂයෙන් ම වැසි ඉල්ලන්න රෝග දුරු කරන්න කියලා ඉල්ලනවා. සිංහල අයත් ඇවිත් පුද ජූජා පවත්වනවා කිසිම භේදයක් නැහැ.

ඔහු කිවේය.

අපි තිස් අමුණ සොයා ගියෙමු.

එය ඉතා සරුසාර වෙල්යායකි.

එක දිගට අනන්තයට විහිදුන කොළ පැහැති ගොයම් යාය අපමණ චමත්කාරය.

සොහොන පිහිටියේ මේ සුවිසල් වෙල්යාය මධ්‍යයේ බව දැනගන්නට ලැබූණි.

අඟල් හයක් පමණ වූ නියර දුටු සැණින් තිගැස්මක් ඇතිවිය. අප දැන් ගමන් කළ යුත්තේ ඒ නියර දිගේය. දෙපා සීරුවට මාරුවට තබමින් නියර දිගේ ගමන් කළෙමු.

එය කදිම අත්දැකීමකි. සිරුරේ සමබරතාව රැකිය යුතු අපූරු ව්‍යායාමයකි. ඇතැම් විට ලිස්සා ගොස් කුඹුරේ මඬේ  පා එරුණද උත්සාහය අත්නොහැර අපි මීටර් 700 ක් පමණ දුර නියරේම ගමන් කර අප්පුහාමි දෙවියන්ගේ සොහොන සොයා ගතිමු.

එහෙත් ඒ දසුන ඉතා දුක්බරය.

සොහොන වනසා තිබුණි.

 නිදන් හොරු සොහොන කඩා එහි තිබූ දැකැති හා වස්තුව සොරකම් කරගෙන ගොස් ඇතැයි අපට සොහොන පෙන්වූ ඒ.එම්. මොහොමඞ් සනාරි නමැති ගම්වැසියා කීවේය.

මේ විනාශයෙන් පසු මෙම ස්ථානයේ වන්දනා මාන කිරීමට පැමිණෙන පිරිසද විශාල වශයෙන් අඩුවූ බව දැනගන්නට ලැබුණි.

සිංහල - මුස්ලිම් ජාතීන් පිරිසක් එකම දෙවි කෙනෙකුට වැඳුම් පිදුම් යාඥා කළ මෙවැනි තවත් ස්ථානයක් ලොව කොතැනක හෝ ඇතැයි නොසිතමි.

එවන් ස්ථානයක් නිධන් හොරු විසින් වනසනු ලැබීම කොයිතරම් පාපයක්ද?

(විශේෂ ස්තුතිය- කිවුලේගෙදර  මොහොට්ටාල පදනමේ සභාපති විශ්‍රාමලත් විදුහල්පති ආර්.එම්. රත්නායක මහතාට)

උපුටා ගැනීම ලන්කාදීප පුවත්පතෙනි.

Continue reading

Friday, February 24, 2017

කෝමාරිකා වල ඔබ නොදන්නා රහසක් මෙන්න මේ රහස් දන්නවනම් සෑම ගෙදරකම කෝමාරිකා පැළයක් වවයි


කෝමාරිකා ශාකය ඖෂධයක් වශයෙන් මෙන්ම ආහාරයක් වශයෙන්ද භාවිත කළ හැකි වන අතර අතීතයේදී කුමාරිකාවන්ගේ රුව වැඞීමට බහුලව භාවිත කළ ඖෂධයක් වන නිසා කුමාරිකා යන නාමය ද හිමිවේ. රසෝන කුලයට අයත් ශාකයක් වන කෝමාරිකා වර්ග කිහිපයක් ඇති නමුත් බහුලව ඖෂධයක් සඳහා යොදා ගනු ලබන්නේ කොළ පැහැති සුදු ලප සහිත පළල් මාංසල පත‍්‍ර සහිත කෝමාරිකා වර්ගයයි. එහෙනම් බලන්නකෝ මොනවද කෝමාරිකා වලින් ලැබෙන්නේ කියල

කෝමාරිකා ශාකයේ කඳ ඉතාමත් කෙටි වන අතර පත‍්‍ර කඳ පාමුල ගොනු වී ඇත. කඳ මඳක් දික් වූ විට පත‍්‍ර පිහිටීම තරමක් ඈත් විය හැකිය. කෝමාරිකා ශාකයේ පත‍්‍ර දිගැටි වන අතර පත‍්‍රවල තියුණු නොවන කටු පිහිටා ඇත.
කෝමාරිකා මල් තැඹිලි පැහැයක් ගන්නා අතර නාලාකාර වේ. සාමාන්‍යයෙන් මල් හටගන්නේ වියළි කාලයේදීය. ශ‍්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, චීනය, උතුරු අප‍්‍රිකාව යන රටවල කෝමාරිකා ශාකය දැකගත හැකි නමුත් වර්තමානය වන විට යුරෝපීය රටවල පවා ව්‍යාප්ත වී ඇත. ශ‍්‍රී ලංකාවේ වියළි ප‍්‍රදේශය තුළ වැවෙන කෝමාරිකා ශාකය හම්බන්තොට, කතරගම, කන්කසන්තුරේ, මන්නාරම, කල්පිටිය, යාපනය ප‍්‍රදේශවල ප‍්‍රධාන වශයෙන් දැකගත හැකි අතර ඕනෑම දේශගුණික තත්ත්වයක් යටතේ වගා කිරීමේ හැකියාවද පවතී. ප‍්‍රචාරණය සිදුකෙරෙන්නේ මොරෙයියන් (මොටි) මඟිනි. සෙවණ සහිත ස්ථානවල හොඳින් වැඩෙන අතර මනා ජල පාලනයකින් යුතුව නඩත්තු කටයුතු කිරීමෙන් හොඳින් වවාගත හැකිය.
කෝමාරිකා ශාකයේ ඇති ඖෂධීය ගුණ
01. ආහාර ජීර්ණ ක‍්‍රියාවලිය ක‍්‍රමානුකූලව සිදු කරයි.
02. ඇස් දැවිල්ල, කබ ගැලීම ආදී ඇස් රෝග සඳහා ගුණදායකයි.
03. අක්මාවේ ක‍්‍රියාකාරීත්වය වැඩි කර අක්මාව ආරක්ෂා කරයි.
04. වා, පිත්, සෙම් තිබීම නිසා හටගන්නා රෝග සමනය කරයි.
05. ප‍්‍රති ඔක්සිකාරක ගුණයෙන් යුක්ත නිසා තරුණ බව ආරක්ෂා කරයි.
06. වයසට යෑම නිසා ඇතිවන සමේ එල්ලා වැටීම් වළක්වයි.
07. සමේ තෙතමනය ආරක්ෂා කරයි.
08. මුත‍්‍රා දැවිල්ල පාලනය කරයි.
09. විශේෂයෙන් අම්ල පිත්ත රෝගයට ගුණදායකයි.
10. පෝෂණ ගුණයෙන් ඉහළ මට්ටමක පවතින නිසා නිර්මාංස අයට වඩාත් යෝග්‍යයි.
11. මලබද්ධය සුව කරයි.
12. කුසගිනි වඩා හොඳින් ආහාර ජීර්ණය සිදුකරයි.
13. ගර්භාශ ගත උෂ්ණත්වය පාලනය කර දරුපල ඇති කරයි.
14. කාන්තාවන්ගේ මාසික ඔසප් වීමේදී වේදනාව පාලනය කරයි.
15. පෙණහලූ ආශි‍්‍රත රෝග සුව කරයි.
16. හිස්හොරි වළක්වා හිසකෙස් වර්ධනය කරයි.
17. ලියුකේමියා රෝගීන්ට හා ආතරයිටීස් රෝගීන්ට ගුණදායකයි.
18. හිරු කිරණින් සමට ඇතිවන බලපෑම් වළක්වයි.
19. අධික තරබාරුව පාලනය කිරීමේ හැකියාව පවතී.
20. ශරීරය අධික ලෙස කෙට්ටු වීම වළකා පුෂ්ටිමත් කරයි.
21. කාන්තාවන්ගේ ගර්භාශගත රෝග සුවකිරීමේ හැකියාව පවතී.

ආයුර්වේදයේ මෙන්ම හෙළ වෙදකමේදී සාමාන්‍ය රෝගී තත්ත්වයේ සිට මාරාන්තික රෝගී තත්ත්වයන් දක්වාම කෝමාරිකා භාවිතයෙන් ඖෂධ සකස්කර ප‍්‍රතිකාර කිරීමෙන් බොහෝ මාරාන්තික රෝග සුවපත් වන නිසා නූතන විද්‍යාවේදී පරීක්ෂණ කීපයකට භාජන කර ඇත. ඛනිජ ද‍්‍රව්‍ය 20කින් ඇමයිනෝ අම්ල 18කින් විටමින් වර්ග 12කින්ද යුක්ත වේ. කෝමාරිකා විවිධ පෝෂ්‍ය පදාර්ථයන්ගෙන් මෙන්ම එන්සයිම විශාල ප‍්‍රමාණයකින් යුක්ත වන නිසා කෝමාරිකා මදයෙන් සුළු ප‍්‍රමාණයක් වුවද ආහාරයට ගැනීමෙන් දෛනිකව ශරීරයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ රාශියක් ලබාගැනීමට හැකිවේ.
විශේෂයෙන් මස්, මාංස අනුභවයෙන් තොර නිර්මාංස ආහාර පමණක් ලබාගන්නා අයට වඩාත් ගුණදායී ආහාරයක් ලෙස කෝමාරිකා හඳුන්වා දිය හැකිය. තවද මාරාන්තික සිරෝසීස්, සෙංගමාලය, අම්ල පිත්ත හෙවත් ගැස්ට‍්‍රයිටීස්, අර්ශස්, ඇඟ ඉදිමුම, ආතරයිටීස්, දණහිස් වළලූකර ඉදිමුම, මුත‍්‍රා අඩස්සිය, අපස්මාරය, පාණ්ඩුව ආදී රෝගීන් සඳහා කෝමාරිකා ආහාරයක් ලෙස ගැනීමෙන් එම රෝග සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට හැකිය.

උදෑසන හිස්බඩ කෝමාරිකා යුෂ ලූණු ස්වල්පයක් සමඟ මිශ‍්‍ර කර පානය කිරීමෙන් ආහාර මාර්ගය හොඳින් පිරිසුදු වී කුසගිනි වඩවයි. එමෙන්ම පණු රෝගද සුවපත් කරයි. ආහාරයක් ලෙස හෝ ඖෂධයක් ලෙස කෝමාරිකා භාවිත කිරීමෙන් රුධිරයේ ඔක්සිජන් ප‍්‍රමාණය වැඩිකර ශරීරයේ ෙසෙල ශක්තිමත් කිරීමට උපකාරී වේ.

වර්තමානයේදී රූපලාවණ්‍ය ක්ෂේත‍්‍රයේ වැජඹෙන ඖෂධයක් ලෙස කෝමාරිකා හැඳින්විය හැකිය. හිසකෙස් වර්ධනය කර, හිස්හොරි පාලනය කර වර්ණවත් පෝෂ්‍යදායී කෙස් කලඹක් ඇති කිරීමට කෝමාරිකා උපකාරී වේ. සමේ තෙතමනය ආරක්ෂා කරමින් සම පැහැපත් කරමින් සම පෝෂණය කරයි. ඇමෙරිකාවේ ටෙක්සාස් විශ්වවිද්‍යාලය මඟින් සිදුකරන ලද පර්යේෂණයකදී කෝමාරිකාවල පිළිකා නාශක ගුණය ඇති බව සනාථ කරගෙන ඇති නමුත් ඈත අතීතයේ සිටම ආයුර්වේදයේත් හෙළ වෙදකමේදීත් පිළිකා රෝග සඳහා ඖෂධ සකස් කිරීමේදී කෝමාරිකා භාවිත කරනු ලැබුවේ එහි ඇති පිළිකා නාශක ගුණය නිසාය.

කෙට්ටුව මට්ටු කරන ඖෂධයක්
පොතු ඉවත් කරගත් කෝමාරිකා මද කපා මැටි පොළවක හෝ රෙද්දක් මත වියැළීමට හරින්න. මෙම කෝමාරිකා හා සමාන බරින් යුක්තව පිරිසුදු ගිතෙල් ගෙන රත් කරගෙන එයට සකස් කරගත් කෝමාරිකා කැබලි දමා නිවුණු පසු මී පැණිද දමා හොඳින් මිශ‍්‍ර කර තබාගෙන උදේ හවස ටික ටික ආහාරයට ගන්න. මෙම ඖෂධය අති පූජනීය බළන්ගොඩ මෛත‍්‍රය නාහිමියන් අනුදැන වදාළ හෙළ වෙදකමේ එන ප‍්‍රත්‍යක්ෂ ඖෂධයකි.
*පෙණහලූ ගත රෝගවලට
අමුකහ, කෝමාරිකා මද සමඟ හොඳින් අඹරා බෙල්ලේ සහ පිටේ ආලේප කරන්න.
*කල් පවතින කැස්සට
කෝමාරිකා මද තේ හැඳි 01, මී පැණි තේ හැඳි 01, වියළි ඉඟුරු තේ හැඳි 1/4, ගම්මිරිස් කුඩු තේ හැඳි 01 හොඳින් අඹරා ටික ටික අනුභව කරන්න.
*ඇස් දැවිල්ලට
අරළු කුඩු, සූකිරි, මීපැණි, කෝමාරිකා මද, සමව ගෙන හොඳින් මිශ‍්‍ර කර ඇස් මත ටික වේලාවක් තබා සිටින්න.
*හිසකෙස් වැඞීමට
ගොඩපර තම්බාගත් වතුරට කෝමාරිකා මද හොඳින් මිශ‍්‍ර කර හිස ගල්වා තබා ටික වේලාවකින් සෝදා හරින්න.
*රුව වඩවා ගැනීමට
කෝමාරිකා යුෂ ගෙන මුහුණේ ආලේප කර ටික වේලාවක් තබා මඳ උණුසුම් ජලයෙන් සෝදා හරින්න.
*සමේ ලප කැළැල්වලට
කෝමාරිකා මද වැස්ලීන් සමඟ මිශ‍්‍ර කර ආලේප කිරීමෙන් ලප කැළැල් නැතිවේ.
*අම්ල පිතට

මඳඵ රස්නෙ වතුර වීදුරුවකට කෝමාරිකා යුෂ හැඳි 02යි, මී පැණි හැඳි 02යි දමා හොඳින් කලවම් කර බොන්න.
*සිරෝසීස් රෝගීන්ට
මුං ඇට තැම්බූ වතුරට කෝමාරිකා මද මිශ‍්‍ර කර පානය කරන්න. (ලූණු මිශ‍්‍ර කිරීමෙන් වළකින්න).
*ආතරයිටීස්
කෝමාරිකා මද ගිතෙල් සමඟ මිශ‍්‍ර කර අනුභව කරන්න


Continue reading

Thursday, February 23, 2017

iaud¾Ü f*daka tfla ial%Ska tl frfldaâ lrk kshu wema tl'



Tn;a wekafv%dhsâ f*dakatlla Ndú;d lrkajd kï yosiais wjia:djloS  ial%Ska tl ùäfhda úoshg frfldaâfuu wema tl

 ndú;d lrkak mq¨jka¡ fuh wfkl=;a ial%Ska frfldaâ wema j,g jvd ld¾hlaIu ksid wms fuh Tng yÿkajdfokjd¡ fuu wema tl wdrïN lsÍu i|yd Tnf.aFacebook, G+ wdOdrfhka f,d.a ùug yel' fuh wekafv%dhsâ 4.1 isg 4.4 olajdixialrK i|yd;a iyh olajk w;r kuq;a Tnf.a ÿrl:kh rEÜ lr ;sîug wjYH fõ"

wekafv%dhsâ 5.0 isg by< ixialrK i|yd rEÜ fkdlr iyh olajhs' 
ial%Ska fYdÜ tlla my;ska n,kak'


wema tl nd.; lsÍu i|හා  මෙතනින්    msúfikak'

  • App Name : Shou
  • File size :  14 MB
  • Requirements : Android 4.1 and up
මෙය අන්තරජාලයෙන් උපුටා ගන්නා ලදි.


Continue reading

වටිනා වෙබ් පිටු පසු භාවිතය සදහා Save කරගන්න පුළුවන් හොදම විදිය කුමක්ද?


බ්ලොග් කියනවන කොට එහෙම ඔබටත් වටිනා ලිපි හම්බ වෙනවා ඇති. ඔබට ඒවා පසු භාවිතය සදහා අවශ්‍යයි කියල හිතුනොත් ඔබ හුගක් විට කරන්නේ එම වෙබ් පිටු Bookmark කරගන්න එක නේද?
නමුත් එම ක්‍රමය කරදරකාරී ක්‍රමයක් කියල ඔබට දැනටමත් තේරිලා ඇති. අපි සතියකටම එහෙම Bookmark කරගන්නේ වෙබ් පිටු 2,3 යි නම් එම ක්‍රමය යම් තරමකට සාර්ථකයි. නමුත් Bookmark කරගන්නා ප්‍රමාණය වැඩි වෙන්න වැඩි වෙන්න ඔබට ඒවා පිලිවලට තියා ගැනීම අපහසු වෙනවා.

බ්ලොග් කියනවන කොට එහෙම ඔබටත් වටිනා ලිපි හම්බ වෙනවා ඇති. ඔබට ඒවා පසු භාවිතය සදහා අවශ්‍යයි කියල හිතුනොත් ඔබ හුගක් විට කරන්නේ එම වෙබ් පිටු Bookmark කරගන්න එක නේද? නමුත් එම ක්‍රමය කරදරකාරී ක්‍රමයක් කියල ඔබට දැනටමත් තේරිලා ඇති. අපි සතියකටම එහෙම Bookmark කරගන්නේ වෙබ් පිටු 2,3 යි නම් එම ක්‍රමය යම් තරමකට සාර්ථකයි. නමුත් Bookmark කරගන්නා ප්‍රමාණය වැඩි වෙන්න වැඩි වෙන්න ඔබට ඒවා පිලිවලට තියා ගැනීම අපහසු වෙනවා.


pocketකියන්නේ මේ සදහා ඇති හොදම විසදුමයි. ලිපි විතරක් නෙවේ Videos උනත් මේ හරහා Save කර තබා ගන්න ඔබට පුළුවන්. ඒ වගේම Tag කියන පහසුකම හරහා ඔබ Save කරන වෙබ් පිටු වෙන් කරලා තියාගන්නත් පහසුයි.
Pocket සියලුම Web Browser වලට extensions නිර්මාණය කර ඇති අතර Android වගේ Mobile OS වලටත් Apps නිර්මාණය කර ඇති නිසා ඔබට අන්තර්ජාලය භාවිතා කරන ඕනෑම තැනක ඉදන් මෙම සේවාව අත්විදින්න පුළුවන්.

මෙය අන්තරජාලයෙන් උපුටා ගැනීමකි.


Continue reading

 මහසෙන් රජතුමා ඉදි කළ ලොව විශාලතම දාගැබ ජේතවනාරාමය
මහසෙන් අජතුමා විසින් කරවන ලද ජේතවනාරාම දාගැබ පිළිබඳව ඔබ අසා ඇතුවාට සැක නැත. මහා විහාරයට අයත් ප‍්‍රදේශයහි ජෝතිවන නම් උද්‍යානයෙහි ඉදි කළ නිසා මේ දාගැබ ජේතවනය යන නාමය යෙදුනි. ඒ කාලයේදී ජේතවනාරාමය දාගැබේ උස අඩි 400 කි. (මීටර්110 කි) මෙම දාගැබ අක්කර අටක ප‍්‍රදේශයක ඉදි කර තිබේ. මෙම දාගැබ ගීසා පිරමීඩ දෙකකට පමණක් උසින් වූවක් සේ සැළකේ. පිලිස්සූ ගඩොල් 93,300,000 ක් මේ දාගැබ සෑදීම සඳහා යොදාගෙන ඇත. මෙම දාගැබ සාදා ඇත්තේ පොළොව මට්ටමේ සිට මීටර් අඩි 28 පමණ යටට ගඩොලින් සාදන ලද පදනමක් මතය. එය ඕඡ්ච් අර්‍ණඛ්ම් මාතෘ පාෂාණය මත ඉදිකර තිබේ. මේ නිසාම මෙම දාගැබ කිසිදු ගිලා බැදීමක් හෝ ඉරිතැලීමක් දක්නට නැත. මේ දාගැබ පමණක් නොව අනුරාධපුරයේ ඇති අනෙකුත් විශාල දාගැබ් ද සාදා ඇත්තේ එසේය. ඒ සියලුම දාගැබ් වලට වඩා මේ දාගැබ විශාලත්වයෙන් යුක්තය.මෙම දාගැබ සෑදීම සඳහා ඒ වන විට එනම් කි‍්‍රස්තු වර්ෂ හතර වන සියවස වන විට අපේ රටේ සිංහල වාස්තු විද්‍යාඥයින්ට සිංහල ඉන්ජිනේරුවන්ට තිබූ දක්ෂතාවය කොපමණද යන්න ඔබට ද අවබෝධ වනු ඇත. මෙම ජේතවනාරාම දාගැබ සඳහා අනෙකුත් විශාල දාගැබ් සඳහා මෙන්ම සලපතල මළුවක්ද සාදා ඇත. ජේතවනාරාම දාගැබේ සලපතල මළුව, විශේෂ එකකි. සළපතල මළුව යනු ගල් පුවරු අතුරන ලද දාගැබේ ඇති මළුවකි. මේ සළපතල මළුවේ අතුරන ලද සමහර ගල්පුවරු වල එම ගල්පුවරු අතුරන ලද්දේ කාගේ අනුග‍්‍රහයෙන්ද කවුරුන් ඊට දායක වූයේද යන්න පවා ලියා ඇති බව ඔබට එහි ගිය විට දී අද පවා දැක ගත හැකිය.


ජේතවනාරාමය වැඳ පුදා ගැනීමට අනුරාධපුරයට ගිය විටදී මෙවැනි දේවල්ද දැකගැනීමට හා විමසීමට අමතක නොකරන්න. ජේතවනාරාමය මහසෙන් රජතුමා විසින් ඉදි කිරීමට පෙර ඒ පුදබිම දේවානම්පියතිස්ස රාජයුගයේදී හඳුන්වා ඇත්තේ නන්දන වනය යන නාමයෙනි. මිහිඳුමහ රහතන්වහන්සේ ලංකාවට වැඩම කළේ දේවානම් පියතිස්ස රාජ යුගයේදී බැව් අපි දනිමු. මිහිදුමහ රහතන්වහන්සේ දින හතරක්ම මෙම නන්දන වනයෙහි වැඩ වාසය කර ධර්මය දේශනා කළ සේක. බුදු දහම මෙසේ දේශනා කිරීමෙන් ජනතාවට අවබෝධයක් ලබාදිමට උපකාරී වූ මේ ස්ථානය ආලෝකය විහිදුවන ස්ථානය යන අර්ථය දේන්නා වූ ජොතිය වනය නමින් ප‍්‍රසිද්ධියට පත්වූයේය. මේ පිළිබඳව තවත් මත දක්නට ලැබේ. ජේතවනාරාමය ගොඩනගන කාලයේදී අනුරාධපුරයේ තවත් දාගැබ් හයක් තිබුණි. ඒවා නම් ථූපාරාමය, මිරිසවැටිය, දක්ෂිණ විහාරයේ තිස්සමහා ස්තූපය, රුවන්වැලිසෑය, අභයගිරිය, සහ ඛනිසෝමාරාම දාගැබය. ජේතවනාරාමය සෙල්ලිපි වල හඳුන්වන්නේ දෙනා වෙහෙර, යනුවෙනි. මහසෙන් රජතුමා විසින් රටවැසි ජනතාවගෙන්ද සිංහල දක්ෂ වාස්තු විද්‍යාඥයින් හා ඉංජිනේරුවන් ගේ සහයෙන් මෙම ජේතවනාරාමය ඉදිකර සාගලික නිකායේ භික්ෂූන් වහන්සේලාට පූජා කරන ලදී. ඉන් පසුව බොහෝ සිංහල රජවරු මේ දාගැබ ප‍්‍රතිසංස්කරණය කළහ. මෙම දාගැබට අයත් ප‍්‍රධාන දොරටු වලට මුහුණ පා සිටින ලෙසින් දාගැබට සම්බන්ධ කර සාදන ලද වාහල්කඩ සතරක් තිබී ඇත. එහි නටබඹුන් ඒ අසළ ඔබට දැකගත හැකිය. අපි ඉදිරි කාලයේ දී වාහල්කඩ යනු මොනවා ද යන්න ගැන විස්තර කරන්නෙමු.මේ දාගැබ අවට වූ භූමියෙහි ඉතා විශාල වූ බුදු පිළිමගෙයක නටඹුන් ද දැකගත හැකිය. එහි උළුවස්ස අනුව හා ඒ බුදු පිළිමයේ පාද ඇති නෙළුම් මල අනුව එම බුදු පිළිමය කොපමණ විශාලද යන්න ඔබට දාකගත හැකිය. මීට අමතරව මෙම ජේතවනාරාම පුදබිමට අයත් වූ බෝධීන් වහන්සේ සඳහා සාදන ලද බෝධිඝරය ද භික්ෂූන් වහන්සේලා සඳහා වූ පොහොය ගෙය සන්නිපාත ශාලාව ආදී තවත් බොහෝ ආගමික ගොඩනැඟිලි මෙම ජේතවනාරාම පුදබිමේ දැක ගත හැකිය.මෙම ජේතවනාරාම පුදබිම මෙකල අයත් වන්නේ මධ්‍යම සංස්කෘතික අරමුදලටය. මධ්‍යම සංස්කෘතික අරමුදලේ ජේතවනාරාම ව්‍යාපෘතිය මඟින් මෙහි සංරක්ෂණ කටයුතු කරගෙන යනු ලැබේ.

මෙය අන්තරජාලයෙන් උපුටා ගන්නා ලද්දකි.
Continue reading

වීඩියෝ ක්‍රීඩා ලොවට හඳුන්වාදුන් නවතම අධි තාක්ෂණික ප්‍රොජෙක්ටරය. 



තාක්ෂණයේ දියුණුවත් සමඟ  වීඩියෝ ක්‍රීඩා ලෝලියෙකුට තමන්ගේ වීඩියෝ ක්‍රීඩා අත්දැකීම ලබාගැනීමට පරිගණකය හෝ රූපවාහිනිය හා සම්බන්ධ වූ ගේමින් කොන්සෝලයක් ප්‍රමාණවත් නොවන තැනට වර්තමානයේ වීඩියෝ ක්‍රීඩාවන් පැමිණ තිබෙනවා. ලෝප්‍රකට Razerසමාගම විසින් සිය ක්‍රෝමා විද්‍යුත් ආලෝක පද්ධතීන් හෙඩ්ෆෝන් උපාංග, යතුරු පුවරු, මවුස් පෑඩ්, ලැප්ටොප් වැනි හැකි සෑම උපාංගයකටම ආදේශ කරනා බව ප්‍රකට කරුණකි. කෙසේ වෙතත් Razer සමාගම Project Arianaසමගින් ඔවුන් සූදානම් වන්නේ වීඩියෝ ක්‍රීඩා ලෝලියෙකු හට තමන්ගේ සමස්ත කාමරයම වීඩියෝ ක්‍රීඩා දර්ශන තලයක් බවට පත් කළ හැකි ප්‍රොජෙක්ටරයක් හඳුන්වාදීමයි.



මෙම ප්‍රොජෙක්ටරය මගින් සිදු කරන්නේ ඔබ සාමාන්‍යයෙන් වීඩියෝ ක්‍රීඩාවන් සඳහා යොදාගන්නා පරිගණකයේ තිරය හෝ රූපවාහිනීයේ තිරය එතැනින් ඉවත් කර ඒ සඳහා ආදේශකයක් වීම නොවේ. සැබවින්ම එහි ක්‍රියාකාරීත්වය ඊටත් වඩා ආකර්ෂණීය වේ. මෙහිදී ඔබට සුපුරුදු පරිදි පරිගණක හෝ රූපවාහිනී තිරයක් අවශ්‍ය වේ. දැන් ඊට සම්බන්ධව ඇති රේසර් ක්‍රෝම් Project Ariana ප්‍රොජෙක්ටරය මගින් ඔබ ඉදිරිපිට තිරයේ දිස්වන දර්ශන පථය ඔබගේ සමස්ත කාමරය පුරාවටම විහිදුවාලයි. ඔබේ කාමරයේ බිත්ති, බිම, සීලිම දක්වා මෙම දර්ශන පථය පුළුල් වූවත්, ඔබේ කාමරයේ ඇති ගෘහභාණ්ඩ මත එම දසුන් නොවැටෙන අතර, ඒ වෙනුවට ඔබේ ඇසට වඩාත් පහසු ලෙසින් කාමරය තුළ ඇති ගෘහභාණ්ඩ පි‍ටුපසින් මෙම දසුන් ප්‍රක්ෂේපණය කරනා බවක් හැඟවීමට මෙම ප්‍රොජෙක්ටරය සමත් වනු ඇත. මේ සියල්ලත් සමගින් ඔබට වීඩියෝ ක්‍රීඩාව තුළ හිඳිමින් ක්‍රීඩා කරනා ආකාරයක් පෙනෙනා බව අමුතුවෙන් කිවයුතු නොවේ.

මෙම Project Ariana ප්‍රොජෙක්ටරය භාවිතයෙන් ultra-wide fish-eye lensපද්ධතියක් භාවිතා කරමින් ඔබේ කාමරයේ බිත්ති, පොළව සහ සීලිම හරහා විහිද යන ලෙසින් පුළුල් කෝණ රූපයන් ප්‍රක්ෂේපණය කිරීමට සමත්වේ. එසේම මෙහි ස්ථාපනය කොට ඇති ත්‍රිමාණ ගැඹුර කැමරා (3D depth-sensing cameras) ද්විත්වයක් මගින් කාමරය පුරා ඇති ගෘහභාණ්ඩ, රූපවාහිනී, බිත්තියට සවිකළ රාක්ක වැනි විවිධ බාධකයන් හඳුනාගැනීමට හැකියාව ප්‍රොජෙක්ටරයට ලබාදෙනු ඇත. එම දත්ත අනුසාරයෙන් එම බාධකයන් වටා ආලෝකය ගමන් කරවමින්, ප්‍රක්ෂේපණය පැමිණෙන්නේ එම බාධකයන්ට පි‍ටුපසින්ය යන හැඟීම ලබාදීමට Project Ariana ප්‍රොජෙක්ටරය සමත්වනු ඇත. නිෂ්පාදකයින් පවසන අන්දමට මෙම තාක්ෂණය නිර්මාණය කොට ඇත්තේ මිනිස් ඇසක් මගින් ලෝකය ග්‍රහණය කරගන්නා අන්දම අනුකරණය කරමිනි.  වීඩියෝ ක්‍රීඩා ලෝලීන් බලාපොරොත්තු වන්නාවූ සැබෑවට අතිශයින්ම ආසන්න, තීව්‍ර හැඟීම් ජනිත කරනා දර්ශනතලයක් නිර්මාණය කිරීමට මෙය සමත්වනු ඇත.

එසේම ඔබට මෙම ප්‍රොජෙක්ටරය අධි තාක්ෂණික වීඩියෝ ක්‍රීඩා උපාංගයක් ලෙස භාවිතා නොකරන විටදී, සාමාන්‍ය ප්‍රොජෙක්ටරයක් ලෙසින් භාවිතා කරමින් චිත්‍රපට නැතිනම් වෙනත් වීඩියෝ අන්තර්ගතයන් නැරඹීමටද හැකියාව තිබේ. කෙසේ නමුත් එසේ පැවසීමද මෙම ප්‍රොජෙක්ටරය අවතක්සේරු කිරීමක් ලෙසින් හැඟී යා හැක. මන්දයත්, මෙය චිත්‍රපට හෝ වෙනත් වීඩියෝ නැරඹීම සඳහා ප්‍රොජෙක්ටරයක් ලෙසින් භාවිතා කිරීමේදී 4K ගුණාත්මක භාවයේ අන්තර්ගතයන් ලබාදෙන අතරම, මෙහි ඇති කැමරා ද්විතවය අනුසාරයෙන් ඔබට ලැබෙනා දර්ශනය විවිධ සාධක පාදක කරගනිමින් ඉහළම ගුණාත්මක තත්වයේ සිනමා අත්දැකීමක් සඳහා සුසර කරගැනීමට හැකියාව ඇත. මෙය මිල තවමත් ප්‍රකාශයට පත්කොට හෝ වෙළෙඳපොළට නිකුත් වී නැති වුවත්, මෙම වසර අවසාන වනවිට වීඩියෝ ක්‍රීඩා ලෝලීන්ට මිලදී ගැනීමට ලැබෙනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කර සිටී.

ඡායාරූප කිහිපයක්.





උපුටා ගැනීම අන්තරජාලයෙනි

Continue reading